උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසට දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ඒ අනුව, ක්ෂණික දුරකථන අංක <strong>1911 </strong>ට හෝ 0112 784537, 0112 786616 සහ 0112 784208 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳව විමසීම් සිදු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මීට අමතරව, 0112 784422 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද විමසීම් සිදු කිරීමට හැකියාව පවතිනවා.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් 2026 ජනවාරි 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.