රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන, ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එම කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, 2025 නොවැම්බර් 14 දින පැවති එම නිලධාරි කමිටු රැස්වීමේදී සිදු කර ඇති නිර්දේශ පරිදි බඳවා ගැනීම් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.









