ශ්‍රී ලංකා­වට දුන් සහා­යට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති තුති පුදයි

අත්‍ය­වශ්‍ය අව­ස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ කට­යුතු කිරීම පිළි­බ­ඳව තමා අ‍ෙම­රිකා එක්සත් ජන­ප­ද­යට සහ ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මහ­තාට කෘත­ඥ­තා­ව පළ කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

කඩි­න­මින් C-130 යානා යෙද­වීම සහ ඩොලර් මිලි­යන දෙකක හදිසි ආධාර ලබා­දීම සමීප සබ­ඳ­තා­වන් තව­දු­ර­ටත් ශක්ති­මත් සම්බ­න්ධ­තා­වන් පිළි­ඹිබු කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කරයි. X පණි­වු­ඩ­යක් නිකුත් කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එසේ ස්තුතිය පළ­කර සිටී.

උපාලි කරු­ණා­රත්න