2026 ජාතික වෙසක් උත්ස­වය කොළ­ඹදී

ලබන වසරේ ජාතික වෙසක් උත්ස­වය කොළඹ නග­රය කේන්ද්‍ර කර­ගෙන පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් බුද්ධ ශාසන සභාවේ අව­ධා­නය යොමුවූ බව බුද්ධ ශාසන හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පැවැ­සීය.

බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශයේ දී ඊයේ (09) රැස්වූ බුද්ධ ශාසන සභාව ආප­දා­වට ලක් වූ වෙහෙර විහා­ර­ස්ථාන පිළි­ස­කර කිරීම, ජාතික වෙසක් උත්ස­වය සහ දහම් පාසල් අධ්‍යා­ප­නය මුහුණ දෙන ගැටලු මෙන්ම ලබන වසරේ පැවැ­ත්වී­මට නිය­මිත ජාතික වෙසක් උත්ස­වය සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කරනු ලැබීය.

සමාජ සංර­ක්ෂ­ණය හා සුපෝ­ෂණ කමි­ටුව, භික්‍ෂු අධ්‍යා­ප­නය හා ධර්ම පර්යේ­ෂණ කමි­ටුව, අන්තර් ආග­මික හා ජාතික සංහි­ඳි­යාව පිළි­බඳ කමි­ටුව නමින් කමිටු තුනක් නම් කිරී­මට මෙහි දී තීර­ණය කෙරිණි.

බුද්ධ ශාසන සභා රැස්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ, ස්වාභා­වික ආපදා ව්‍යස­නය හේතු­වෙන් ආප­දා­වට ලක් වූ සියලු වෙහෙර විහා­ර­ස්ථාන පිළි­ස­කර කිරීම රජය භාර­ගන්නා බවයි. පූර්ණ වශ­යෙන් ආප­දා­වට ලක් වූ විහා­ර­ස්ථා­න­වල සංඝා­වා­සය, ධර්ම ශාලාව සහ සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් පිළි­ස­කර කරනු ලබන අතර දෙවන වට­යකදී පුරා­වි­ද්‍යාත්මක වටි­නා­ක­මක් සහිත ස්ථාන සහ බුද්ධ මන්දිර ඇතුළු අනි­කුත් සිය­ලුම ස්ථාන පිළි­ස­කර කිරීම සිදු කරනු ලබන බව ද අමා­ත්‍ය­ව­රයා මෙහි දී සඳ­හන් කළේය.

බුද්ධ ශාස­න­යට ඇතිවී තිබෙන නොයෙක් උව­දුරු සහ නිකා­යන් ආරම්භ කර­මින් විදේශ රට­ව­ලින් නොයෙක් ලාභ ප්‍රයෝ­ජන ලබා­ගෙන ශාස­නය විනාශ කිරීමේ භයා­නක තත්ත්වය සම්බ­න්ධ­යෙන් ද මෙවර බුද්ධ ශාසන සභාවේ දී වැඩි අව­ධා­න­යක් යොමු කරනු ලැබීය.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ