හෙට සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වන කාලසටහන

හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පසුගිය දා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති බෝක්කුව, අසලින් ගලා බසින මා ඔය දෙසට තල්ලු වී කැඩී යෑම හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා සීමා කර තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය මාර්ගයේ පැවති බාධා ඉවත් කර අද දුම්රිය මාර්ගය යථාවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වන කාලසටහන පහතින්.

 news images news images