දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­නයේ කහ ඇන­කොන්ඩා සොරා­ගෙන

ශ්‍රී ලංකාවේ සිටි එකම කහ ඇන­කොන්ඩා පැටවා

දෙහි­වල ජාතික සත්ත්වෝ­ද්‍යා­නයේ සිටි එකම කහ ඇන­කොන්ඩා පැටවා කිසි­යම් පුද්ග­ල­යකු විසින් සොරාගෙන ගොස් තිබේ. ජාතික සත්ත්වෝ­ද්‍යා­නය ඒ සම්බ­න්ධ­යෙන් පසු­ගිය 7දා දෙහි­වල පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ද කර ඇත. ඉකුත් දිනෙක කාන්තා­වක විසි­න්‌ ­නීති විරෝධි ලෙස රැගෙන ආ මෙම ඇන­කොන්ඩා ඇතුළු සර්ප විශේෂ 4කට අයත් සර්ප­යින් 6 දෙනකු කටු­නා­යක ගුවන්තොටු­පොළ නිල­ධා­රීන් විසි­න්‌ ­අ­ත්අ­ඩං­ගු­වට ගෙන දෙහි­වල ජාතික සත්ත්වෝ­ද්‍යා­නය වෙත භාර දී තිබේ. අන­තු­රුව, උර­ග­උ­යන තුළ එම සතුන් නිරෝ­ධා­ය­නය සඳහා යොමු­කර සිටි­යදී ඉකුත් 07දා සත්ත්වෝ­ද්‍යා­නය සතුව සිටි අවු­රු­ද්දක් වය­සැති අඩි 1 1/2′ – 2′ දිග ලංකාවේ එකම කහ ඇන­කොන්ඩා පැටවා සොර­කම් කර ඇති බවට පාල­නා­ධි­කා­රිය පැමි­ණිල්ල මඟින් කියා ඇත.

මේ පිළි­බඳ සත්ත්වෝ­ද්‍යාන අධ්‍යක්‍ෂ ජන­රාල් පශු වෛද්‍ය චන්දන රාජ­පක්ෂ මහ­තා­ගෙන් කළ විම­සී­මේදී සිද්ධිය සම්බ­න්ධ­යෙන් දෙහි­වල පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇති බවත්, මෙම උර­ග­යින් භාරව සිටි සත්ත්ව භාර­ක­රුට එරෙ­හිව වින­යා­නු­කූ­ලව පිය­වර ගන්නා බවත් පැවැ­සීය.

දෙහි­වල – ඩී.පී.හේරත්