දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය 21.0% කි.
තවද, රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයින් 2,594 ක් ද දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815කි.
ඒ අතරින් සංචාරකයින් 485,249ක් ඉන්දියාවෙන්, 164,013ක් රුසියාවෙන් සහ 195,565ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.








