සුරක්ෂිත හා තිරසර බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 9,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 30ක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසර බලශක්ති ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් මේ මූල්‍ය ආධාරය ලබා දීමට පියවර ගෙන තිබෙන අතර මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර සංවර්ධන අරමුදල අතර මූල්‍ය ගිවිසුම අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලෙන් මහත්වරු ඊට අත්සන් කර තිබේ.
ජාල ධාරිතාව පුනර්ජනනීය බලශක්ති භාවිතයට බාධාවක් වී ඇති අතර එය සැලකිය යුතු තාක්ෂණික අභියෝග ඉදිරිපත් කරන අතර, එබැවින් 2030 වන විට රටේ විදුලියෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීම අරමුණු කරගත් රජයේ විදුලිබල අංශ ප්‍රතිපත්තියට අනුකූලව පුනර්ජනනීය බලශක්ති ජාල ඒකාබද්ධ කිරීම පහසු කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම යෝජිත ව්‍යාපෘතිය සකස් කර ඇත.
ලෝක බැංකු සමූහය විසින් ණයදෙන උපකරණ ගණනාවක් හරහා පුනර්ජනනීය බලශක්ති පරිවර්තනය සඳහා ලෝක බැංකු සමූහය විසින් යෝජිත ගෙවීම් ඇපකර පහසුකම මඟින් මෙම ආයෝජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
එබැවින් ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසර බලශක්ති ව්‍යාපෘතිය, පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීම, සුරක්ෂිත සහ දැරිය හැකි විදුලිබල සැපයුමක් සහතික කිරීම සඳහා ජාලක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ සහභාගීත්වය බළමුළු ගැන්වීම සහ දිගුකාලීන අංශ ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සඳහා ආයතනික ධාරිතාව වැඩි දියුණු කිරීම වැනි ප්‍රධාන අරමුණු ඉදිරියට ගෙන යයි.
මෙහි මුළු ව්‍යාපෘති පිරිවැය අෙමරිකානු ඩොලර් මිලියන 60ක් වන අතර, එයින් අෙමරිකානු ඩොලර් මිලියන 30 ක් ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ලෝක බැංකුව විසින් සපයනු ලබන අතර ඉතිරි මිලියන 30 දෙවන අදියර ලෙස ලෝක බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එම පහසුකම ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අපේක්ෂා කරන අතර මෙම ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යාංශය වැනි අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරයි.
මහින්ද අලුත්ගෙදර








