ජලාශ සහ ගංගා කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කෙරේ

ජලාශ සහ ගංගා කිහිපයක් සඳහා නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එම ජලාශ සහ ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදු වන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංගාවල ජල මට්ටම්වල සිදු වන වෙනස්කම් සම්බන්ධයෙන් ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images