අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ආදී රෝගවලට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා අයට දැනුම් දීමක්

ආපදා තත්ත්වයත් සමඟ සුරක්ෂා කඳවුරු වල තව දුරටත් සිටින පුද්ගලයින්, ගම්මානවල ජීවත් වන ජනතාව ඇතුළු සියළු දෙනා අතරින් අධි රුධිර පීඩනයට ,කොලෙස්ටරෝල් හා දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගන්නා අඛණ්ඩව එම ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සදහන් කරයි.

ආපදා තත්වය හමුවේ ඇති කලබලකාරී තත්වය නිසා මෙන්ම ඖෂධ ගංවතුරට හසුවීම නිසා ඇතැම් පුද්ගලයින්ට එම ඖෂධ ලබා ගැනීම අතපසු විය හැකිය.

ඔබේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර කාර්‍ය මණ්ඩලයට දැන්වීමෙන් හෝ ලඟම ඇති රජයේ රෝහලෙන් ඔවුන්ට එම සේවා ලබාගත හැකි බව සදහන් කෙරේ.