සම්ප්‍රේෂණ කුලුනක තඹ කේබල් කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට

රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ තඹ කම්බි සොරකමක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරු වයස අවුරුදු 31 ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.