නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැන දෙමින් සැමරුම් වැඩසටහන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන ලෝක සංග්‍රාමයක පෙර නිමිති ලොව පුරා පහලවීමත් සමග දිවයිනේ වරාය ආරක්ෂාව සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සඳහා දේශීය නාවික බලයක කාලීන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ප්‍රථම වරට ස්ථාපිත කෙරුණා.