සුළි කුණාටුවෙන් විදුලිය අහිමි වූ පාරිභෝගිකයන්ගෙන් 99% කට විදුලිය ලබා දී අවසන් – බලශක්ති අමාත්‍යාංශය

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් බිඳ වැටුණු විදුලි බල සැපයුමෙන් 99% ක් පමණ ඊයේ (08) වන විට කුමන හෝ ආකාරයකින් යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

සුළි කුණාටුව හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මිලියන 07 කින් මිලියන 04 කටම සෘජු බලපෑම් එල්ල වී තිබුණු බවයි සඳහන් වෙන්නේ.

රන්ටැඹේ, මහියංගනය 132 KV සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධාන කුළුනක් සම්පූර්ණයෙන්ම ඉදිරී වැටී විනාශ වී ගොස් තිබුණු අතර, රැහැන් පද්ධතියට ද විශාල වශයෙන් අලාභහානි සිදුවී තිබුණු බව සඳහන්.

33000 KV තාවකාලික සම්බන්ධතාවක් හරහා, මහියංගනය ප්‍රදේශයටත්, නැගෙනහිර පළාතේ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවලටත් රෝහල් හා ජල පොම්පාගාර වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට හා නිශ්චිත ස්ථානවලට කඩින් කඩ විදුලිය ලබා දීමට විදුලිබල සේවකයින් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.

 news images news images