පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසනවා.
ඒ අනුව අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම, ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි සිදු කිරීම නොකරන ලෙසත්, එවැනි ක්‍රියා සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙනවා.
මෙවැනි ක්‍රියා සිදු කිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.









