කෙහෙ­ළි­යගේ බාල බෙහෙත් නඩු­වට නීති­ඥයෝ දෙදෙ­නෙක් බෑ කියති

ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන් 12 දෙන­කුට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ ගොනු­ක­රන ලද නඩුවේ විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීති­ඥ­වරු දෙදෙ‍ෙ­නක් සිය සේවා­දා­ය­ක­යන් වෙනු­වෙන් තව­දු­ර­ටත් පෙනී සිටිය නොහැකි බව පසු­ගි­යදා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්හ.

එම නඩු විභා­ග­යෙන් ඉවත්ව ඇත්තේ විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න සහ ජනා­ධි­පති නීතිඥ නලීන් ලද්දු­ව­හෙට්ටි යන මහ­ත්ව­රුය. ඔවුහු නඩුවේ 2 වැනි සහ 12 වැනි විත්ති­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි­යහ. මෙම නඩුව දින­පතා විභා­ග­යට ගැනී­මට අධි­ක­ර­ණය තීර­ණය කිරීම නිසා විත්තියේ නීති­ඥ­වරු භාර­ගෙන ඇති අනෙ­කුත් නඩු සමඟ එම කාර්ය­යට සම්බන්ධ වීම අප­හසු බැවින් ඉවත් වන බව ජනා­ධි­පති නීති­නරු විවෘත අධි­ක­ර­ණයේ ප්‍රකාශ කළහ.

ඊයේ (08දා) මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන ප්‍රියන්ත ලිය­නගේ, විරාජ් මාලක වීර­සූ­රිය, පී.එම්. බණ්ඩාර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ ජාතික ප්‍රස­ම්පා­දන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රති­පත්ති) ප්‍රභාත් ඉන්දික ප්‍රසන්න මහතා විත්තියේ හරස් ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දුන්නේය. ඔහුගේ සාක්ෂි විම­සීම අව­ස­න්වී­මෙන් පසු අද (09දා) දින ශ්‍රී ලංකා රේගුවේ නියෝ­ජි­ත­යකු පැමි­ණිල්ල වෙනු­වෙන් සාක්ෂි දීමට නිය­මි­තය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලට අම­ත­රව සැප­යු­ම්කරු ලෙස ක්‍රියා කළ ‘අයු­සු­ලේට් බයෝ­ටෙක් ෆාර්මා’ සමා­ගමේ හිමි­කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු සහ­කාර අධ්‍යක්ෂ ශාන්ති සොල­මන්, හිටපු ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය එච්.එම්. ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හදිසි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලියේ ප්‍රස­ම්පා­දන කමිටු සාමා­ජික වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක සහ වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන වෛද්‍ය ඒ. තුසිත සුද­ර්ශන නමැති තැනැ­ත්තන් සෙසු වග­උ­ත්ත­ර­ක­රු­වන් වේ. එම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වග­න්තිය යටතේ නඩු පැව­රීම කර ඇත. ඖෂධ බව සඳ­හන් කර ඖෂධ නොවන දියර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෛද්‍ය සැප­යුම් අංශ­යට සැප­යීම මඟින් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය වරද සිදු­කි­රී­මට කුම­න්ත්‍ර­ණය කිරීම, පළමු සැක­කරු විසින් එම වරද සිදු කිරීම හා සෙසු සැක­ක­රු­වන් විසින් 2 වැනි සැක­ක­රුට එම වරද සිදු­කි­රී­මට අනු­බල දීම ඇතුළු අධි­චෝ­දනා 13ක් යටතේ චෝදනා ගොනු­කි­රීම සිදු­කර තිබේ. හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බින් සහ රිටො­ප්සි­මැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6, 195ක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෛද්‍ය සැප­යුම් අංශ­යට සපයා ශ්‍රී ලංකා ජන­ර­ජයේ මුදල් රුපි­යල් ලක්ෂ 1444ක් වංක ලෙස ව්‍යප­හ­ර­ණය කිරී­මට ඇතුළු චෝදනා යටතේ වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නඩු පැව­රීම සිදු­කර තිබේ. නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මහ­ත්මිය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පැමි­ණිල්ල මෙහෙය වූවාය.

චන්දන ජය­වීර