මහනුවර සිට කොළඹ පැමිණෙන දුම්රිය මගීන්ට අද සිට විශේෂ බස් රථ සේවාවක්

මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට අද (08) සිට විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශපත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

පෙරවරු 4.00, පෙරවරු 4.15 සහ පෙරවරු 4.30 යන කාලවල දී අදාළ බස් රථ මහනුවර දුම්රියපොළ සිට ගමන් ආරම්භ කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.