2022 වසරේ කුරුඳුවත්ත, නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී නීති විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම පිළිබඳව චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව මාර්තු 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.
2022 නොවැම්බර් 14 වැනිදා නිදහස් චතුරශ්‍රය ආසන්නයේ දී, පොලිස් ආඥා පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් රඟ දැක්වීමට කටයුතු කිරීම තුළින්, මංමාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුකරයට අදාළ විමර්ශන අවසන් කර, අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත්, මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, යළි මාර්තු 16 වැනිදා මෙම නඩුව කැඳවීමට නියම කළ අතර, එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසටද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








