නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරස්ථානයට අයත් අක්කර 20 ක ඉඩමක් රජය වෙත ලබාදීම සිදු කර තිබෙනවා.
ඒ අනුව මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරයේ විහාරාධිපති වූ උදම්මිට විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේ විසින් මීට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








