යාපනය, පන්නෙයි ප්‍රදේශයේදී කලපුවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ පුද්ගලයින් සිව්දෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් සහ 20ක් වයසැති තරුණයින් දෙදෙනෙකි.
ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් එක්ව දියේ ගිලුණු පිරිස ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








