තවත් ඉන්දීය ආධාර තොගයක් මෙරටට

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින්, ඉන්දීය රජය විසින් ලබාදෙන ද්‍රව්‍යමය ආධාර තොගයක් කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව, කොළඹ වරායේ BQ2 හිදී එම භාණ්ඩ තොගය භාරගෙන ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.