කුරුණෑගල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න සතියක් හොඳටම වැඩියි – ජනපති

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අවසාන පාරිභෝගිකයා දක්වාම එම සේවාවන් ලබාදීම සේවා සපයන ආයතනවල වගකීම බවත්, අදාළ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් පවතින බාධා ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවත් එහි දී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.