සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම්, ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකථන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව, එයින් මනසට ඍජුවම බලපෑම් එල්ල විය හැකි බවයි රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස සඳහන් කළේ.
මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩනයට පත්ව ඇත්නම්, ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවද ඔහු පවසා සිටියා.
ඔබ පීඩාවට පත්ව ඇත්නම්, තරහා යෑම, නින්ද නොයෑම, ආහාර අරුචිය, තෙහෙට්ටුව ආදී ලක්ෂණ ඇති විය හැකි බවත්, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකථන අංකය අමතා අවශ්‍ය උපදේශනය ලබා ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








