හෙට (09) සිට සිකුරාදා (12) දක්වා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සහ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 75-100 අතර තද වැසි අපේක්ෂා කෙරෙන බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු ප්‍රදේශවල දහවල් 1.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාලගුණ විද්‍යාඥ චන්න රොඩ්‍රිගෝ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








