ශ්‍රී පාද හැටන් ප්‍රවේශ මාර්ගයේ සිදුවූ නායයෑම් සම්බන්ධයෙන් NBRO වෙතින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරයි

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ ‘මහගිරිදඹ’ ප්‍රදේශයේ ඇති වූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර, ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, පවතින අවදානම් තත්ත්වය අවම කිරීමේ අරමුණින් යුත් නිර්දේශ 06 ක් එම සංවිධානය විසින් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අස්ථාවර වීම් සිදුවී ඇති කොටසේ පවතින පඩිපෙළේ හානියට පත් කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් යොදා සකස් කිරීම, නායයෑම සිදු වූ කොටසේ තවදුරටත් ජලය ගලායෑම වැළැක්වීම සඳහා පඩිපෙළේ දෙපස පැති බැම්මක් ඉදිකිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් එහිදී යෝජනා කර තිබෙනවා.

දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.