වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට හා ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ මුදල් පැනවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකට බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
බෙලිහුල්ඔය ප්රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100 ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 400 ක මිලට අලෙවි කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම රුපියල් 70 ක මිලකට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් රුපියල් 230 ක මිලට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්රදේශයේ පුද්ගලික ආයතනයකට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.








