අයහපත් කාලගුණයෙන් මෙරට අපනයන අංශයට සිදුුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කඩිනම් සහන සහ ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ, අපනයන සම්බන්ධ නිෂ්කාශන ක්රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනූව රේගු, වරාය සහ අනෙකුත් බලධාරින් සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ කියා සිටියේ.








