ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කෙරේ

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ සඳහා යුද හමුදා සාමාජිකයින්, ගොවීන් මෙන්ම ස්වේච්ඡා සේවකයින්ගේ ද සහය ලැබී ඇති අතර, අමුණ ප්‍රතිසංස්කරණය සඳහා මේ වන විට පොලිසැක් උර 85,000 ක් සහ ජම්බෝ උර 4,500 ක් පමණ යොදා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇලහැර අමුණ, ඇලහැර, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු ගොවි ව්‍යාපාර වෙත ඇලහැර යෝධ ඇල ඔස්සේ ජලය රැගෙන යාමට ජලය එකතු කර ගන්නා ප්‍රධාන අමුණ ලෙසයි සැලකෙන්නේ.