කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
නාවික හමුදාව විසින් සිදු කළ අදාළ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
කල්පිටිය ඉප්පන්තිවු වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සිදු කළ මෙම මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63.5ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 14.5ක තොගයක් සොයාගෙන තිබුණි.
මේ අතර විශ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ මෙහෙයුම යටතේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 35,000 දහස ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මරත්න මහතා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.








