දුම්රිය වාර ප්‍රවේශපත් හිමි මගීන්ට විශේෂ බස් සේවාවක්

අයහපත් කාලගුණික තත්ත්වය නිසා හානියට පත් දුම්රිය මාර්ගය පිළිසකර කරන තුරු, දුම්රිය වාර ප්‍රවේශපත් (සීසන්) හිමි මගීන්ට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ සිට මහනුවරට සහ කොළඹ සිට කුරුණෑගලට මෙම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

* කොළඹ කොටුව සිට මහනුවර – 5.30pm / 6.00pm

* කොළඹ කොටුව සිට කූරුණෑගල – 5.30pm / 6.00pm