බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබයි

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී, සමුද්‍ර මාර්ගයේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටී ඇති බවත්, එහිදී අදාළ ලොරි රථය සහ එක් මෝටර් රථයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මං තීරුවකට ඇදී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එම අවහිරතා ඉවත් කරන තෙක්, එම ස්ථානයෙන් දුම්රිය ධාවනය කිරීම එක් මං තීරුවකට සීමා කර තිඛෙන අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදවීම් සහිතව දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.