2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව, මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 23 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වන බවයි සඳහන් වන්නේ.
මීට අමතරව, සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය ද විවාදයකින් තොරව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.
එසේම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණු අතර, මීට අමතරව පරිපූරක ඇස්තමේන්තු 03 ක්ද ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත වූ අතර, ප.ව 7.30 ට ආරම්භ කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 01 ක්ද හිමිවුණා.
එසේම, මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටි අතර, ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.








