ආපදා මරණ සංඛ්‍යාව 607 ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති ආපදා මරණ සංඛ්‍යාව 607 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ (05) පස්වරු 6.00 ට නිකුත් කළ නිවේදනයට අනුව පුද්ගලයින් 214 ක් දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බවයි සඳහන් වන්නේ.

එසේම, පවුල් 586,464 කට අයත් පුද්ගලයින් 2,082,195 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.