‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදලට’ රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග

‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) සඳහා මේ දක්වා රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරනවා.

ලේකම්වරයා පැවසුවේ, මෙයින් රුපියල් මිලියන 635ක් ලංකා බැංකු ගිණුම හරහා ද, රුපියල් මිලියන 61කට අධික මුදලක් මහ බැංකු ගිණුම් හරහා ද ලැබී ඇති බවයි.

මෙම මුදල රටවල් 33කට අධික සංඛ්‍යාවක දායකයින්ගේ විවිධ තැන්පතු 30,470ක් මගින් ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.