පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කිරීමට පියවර

පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා නාත්තන්ඩිය අතර තිබුණු පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති නිසා, කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වාම දුම්රිය ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණය හමුවේ පුත්තලම් මාර්ගයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන්, එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව සීමා වී තිබුණා. 

දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් තවදුරටත් සිදුකරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.