ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතී

පැවති අයහපත් කාලගුණයත් සමඟ කලාවැව සහ රාජාංගනය යන ජලාශවල තවදුරටත් වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කලාවැව වාන් දොරටු 2 ක් අඩි 4 බැගින් තවදුරටත් විවෘත කර ඇති අතර, රාජාංගනය වාන් දොරටු 2 ක් අඩි 5 බැගින් සහ තවත් වාන් දොරටු 2 ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2 සෙන්ටිමීටර 70 බැගින් සහ රන්ටැඹේ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 1.5 බැගින් විවෘත කර තිබෙනවා.

මීට අමතරව වෙහෙරගත ජලාශයේ වාන් දොරටු 6 ක් අඟල් 6 බැඟින් හා බෝවතැන්න ජලශෙයේ වාන් දොරටු 6 ක් අඩි 2 1/2 බැඟින් විවෘත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 news images