හදිසි වෛද්‍යා­ධාර රැගත් ඉන්දි­යානු ගුවන්යාන­යක් මෙර­ටට

මුදා­ගැ­නීමේ හා සහන කට­යුතු සඳහා සහාය වීමට ඉන්දි­යානු හදිසි වෛද්‍යා­ධාර රැගත් ඉන්දි­යානු ගුවන් හමු­දාවේ C-17A ගුවන් යාන­යක් පෙරේදා ( 02) පස්ව­රුවේ මෙර­ටට පැමි­ණි­යේය.

අත්‍ය­වශ්‍ය ඖෂධ, වෛද්‍ය උප­ක­රණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙ­යුම් සඳහා සහාය වීමට යෙද­විය හැකි ක්ෂේත්‍ර­මය පහ­සු­කම්ද මෙම වෛද්‍යා­ධාර තොග­යට ඇතු­ළත් වේ.

ඉන්දි­යානු මහ­කො­ම­සා­රිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම වෛද්‍යා­ධාර තොගය නිල වශ­යෙන් භාර දෙන ලද අතර යුද හමුදා අධ්‍යක්ෂ ජන­රාල් මේජර් ජන­රාල් ටිරාල් ද සිල්වා මහතා ඇතුළු පිරි­සක් විසින් එය භාර ගනු ලැබීය.

හදිසි අව­ස්ථා­වන්හි කඩි­න­මින් භාවිත කිරී­මට නිර්මා­ණය කර ඇති අංග­ස­ම්පූර්ණ ක්ෂේත්‍ර රෝහල් ඒකක දෙකක් ද මෙම භාණ්ඩ තොග­යට ඇතු­ළත් වේ. මෙම ඒක­ක­ව­ලින් එකක් වැලි­මඩ ප්‍රදේ­ශ­යෙහි ස්ථාපිත කිරී­මට නිය­මි­තය. මීට අම­ත­රව, ආප­දා­වට පත් ජන­තාව සඳහා වෛද්‍ය සහාය ලබා දීමට ඉන්දි­යා­වෙන් වෛද්‍ය­ව­රුන්, සර්වාංග හා කායික රෝග විශේ­ෂ­ඥ­යන්, නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන් සහ අනෙ­කුත් සෞඛ්‍ය විශේ­ෂ­ඥ­යන් ඇතුළු වෛද්‍ය වෘත්ති­කයෝ 73ක් මෙර­ටට පැමිණ තිබේ.

උපාලි කරු­ණා­රත්න