නඩු වාර 7න් 5කට උසාවි ඇවිත් නෑ: විමල්ට වරෙන්තු

විවෘත අධි­ක­ර­ණයේ විභා­ග­යට ගත් නඩු­ව­කට පෙනී නොසිටි ජාතික නිද­හස් පෙර­මුණේ නායක හිටපු ඇමැති විමල් වීර­වංශ මහ­තාට කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ මහතා ඊයේ (3) වරෙන්තු නිකුත් කළේය. 2015 ට පෙර පැවැති රජ­යෙන් ජනා­ධි­පති ලේකම් කාර්යාල මඟින් ජාතික නිද­හස් පෙර­මු­ණට ලබා දුන් රජයේ වාහන 40ක් අව­භා­විත කර­මින් රජ­යට රුපි­යල් මිලි­යන 09ක පාඩු­වක් සිදු කළ බව කියන සිද්ධි­යට අදාළ නඩුව කැඳවූ අව­ස්ථාවේ ඇප මත සිටින සිටින විමල් වීර­වංශ මහතා දින ගණ­නා­වක් අධි­ක­ර­ණ­යට නොපැ­මි­ණීම සලකා මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඔහුට ඇති නඩුව ඊයේ 3දා විවෘත අධි­ක­ර­ණයේ කැඳවූ අව­ස්ථා­වේදී විමල් වීර­වංශ මහතා අධි­ක­ර­ණයේ පෙනී නොසිටි අතර ඒ මහතා අස­නීප තත්ත්ව­යෙන් පසු­වන බව නීතිඥ සෙනෙත් බණ්ඩාර මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ සම්බ­න්ධ­යෙන් කරුණු විම­ස­මින් නඩු ගොනුව පරි­ශී­ල­නය කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා කියා සිටියේ මෑත කාලයේ කැඳවා නඩු වාර 7න් දින 5ක්ම විවිධ හේතු කිය­මින් සැක­කාර විමල් වීර­වංශ මහතා අධි­ක­ර­ණ­යට පැමිණ නැති බවය.

අස­නීප තත්ත්ව­යට අදාළ වෛද්‍ය වාර්තා­වක් තිබේ ද යන්න මහේ­ස්ත්‍රා­ත්ව­රයා නීති­ඥ­ව­ර­යා­ගෙන් විමසා සිටි අතර ඉදිරි දින ඉදි­රි­පත් කරන බවට කළ සැල­කි­රී­මට අනුව වරෙන්තු නිකුත් කළේය.

ඇප­ක­රු­වන්ට නොතීසි නිකුත් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම සිද්ධියේ දෙවැනි සැක­කාර රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි සමන්ත ලොකු හැන්න­දිගේ යන අයට ඉදිරි දින විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය. ඔහු වෙනු­වෙන් කරුණු දක්ව­මින් ඔහු අධි­ක­රණ අව­ස­රය මත විදේ­ශ­ග­තව ඇති බවත් ලබන 12 වැනිදා මෙරට පැමි­ණෙන බවත් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

විමල් වීර­වංශ මහතා ඇතුළු දෙදෙ­නාට එරෙ­හිව පවරා ඇති නඩුව නීති­පති උප­දෙස් සඳහා ලබන 2026 වසරේ මැයි මස 20 යළි කැඳ­වන ලෙසත් නීති­ප­ති­ව­ර­යාට සිහි කැඳ­වී­මක් යොමු කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. පැමි­ණිල්ල වෙනු­වෙන් පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක