මුදාගැනීමේ හා සහන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියානු හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් පෙරේදා ( 02) පස්වරුවේ මෙරටට පැමිණියේය.
අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට යෙදවිය හැකි ක්ෂේත්‍රමය පහසුකම්ද මෙම වෛද්‍යාධාර තොගයට ඇතුළත් වේ.
ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම වෛද්‍යාධාර තොගය නිල වශයෙන් භාර දෙන ලද අතර යුද හමුදා අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ටිරාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් එය භාර ගනු ලැබීය.
හදිසි අවස්ථාවන්හි කඩිනමින් භාවිත කිරීමට නිර්මාණය කර ඇති අංගසම්පූර්ණ ක්ෂේත්‍ර රෝහල් ඒකක දෙකක් ද මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ. මෙම ඒකකවලින් එකක් වැලිමඩ ප්‍රදේශයෙහි ස්ථාපිත කිරීමට නියමිතය. මීට අමතරව, ආපදාවට පත් ජනතාව සඳහා වෛද්‍ය සහාය ලබා දීමට ඉන්දියාවෙන් වෛද්‍යවරුන්, සර්වාංග හා කායික රෝග විශේෂඥයන්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයෝ 73ක් මෙරටට පැමිණ තිබේ.
උපාලි කරුණාරත්න








