ලංගම බස් 4,000ක් ධාව­න­යට

ඇති වූ ආපදා තත්ත්ව­යෙන් පසුව බස් රථ 4,000කට ආසන්න සංඛ්‍යා­වක් ධාව­න­යට එක් කිරී­මට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ.

ඉන් 2,500කට ආසන්න බස් රථ ප්‍රමා­ණ­යක් දුර ගමන් ධාව­නය සඳහා සැල­සුම් කර ඇති බවත් පැවැති ආපදා තත්ත්වය හේතු­වෙන් අඩාළ වූ දුම්රිය ධාව­නය වෙනු­වෙන්ද විශේෂ බස් රථ සේවා­වක් ආරම්භ කළ බව ද එහි සභා­පති සජීව කන­ක­රත්න මහතා ‘දින­මිණ’ට පැවැ­සීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ඇති වූ ව්‍යස­න­කාරී තත්ත්වය හමුවේ මාර්ග අව­හිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලයේ බස් ගම­න්වාර 1,500ක් පමණ අව­ලංගු වූ බවද හෙතෙම පැවැ­සීය.

එසේම ලංගම ආසන වෙන්කි­රීමේ සේවාව සිදු­ක­රන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් කලින් ආසන වෙන්ක­ර­ගත් මගීන් 15,000ක් සිටින බවත් වෙන්ක­ර­ගත් එම ආසන වෙනු­වෙන් තමන්ට කැමැති වෙනත් දින­යක ආස­න­යක් ලබා­ගැ­නීමේ හැකි­යාව පව­තින බවත් එහි කාර්ය­භාර නිල­ධාරි විමල් සිරි­ව­ර්ධන මහතා පැවැ­සීය.

ඒ වෙනු­වෙන් 1315 අංකය හෝ 070 3110 506 අංකය අමතා වෙනත් පහසු දින­යක් ලබා­ගන්නා ලෙසත් කිසිදු ගාස්තු අය­කි­රී­මක් ඒ සඳහා නොවන බවත් කාර්ය­භාර නිල­ධා­රි­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මේ වන විට නුව­ර­එ­ළිය, නාව­ල­පි­ටිය, 87 මාර්ගය යාප­නය, වල­පනේ, මුතූර්, බිබිල යන ගම­නාන්ත වෙත බස් රථ ධාව­නය නොවන බවත් සෙසු ගම­නාන්ත වෙත බස් ධාව­නය යළි ආරම්භ කර ඇති බවත් ආසන වෙන්කි­රීමේ හැකි­යා­වද පව­තින බවත් හෙතෙම පැවැ­සීය.

සුභා­ෂිණී සේනා­නා­යක