ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසිනුයි අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ.
මේ අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
ඒ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.








