අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2 ක හදිසි ජීවිතාරක්ෂක ආධාර

ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා තත්ත්වය හමුවේ අමෙරිකා එක්සත් ජනපදය විසින් අවශ්‍යතාවයෙන් පෙළෙන ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම ආධාර කාර්යක්ෂමව බෙදා හැරීම සහ ආපදාවෙන් වඩාත්ම පීඩාවට පත් ප්‍රජාවන් වෙත ළඟා වීම සහතික කිරීම සඳහා, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ශ්‍රී ලංකා රජය සහ සහන සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බවයි ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

“නිවර්තන සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ තීරණාත්මක කටයුතු ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන බැවින්, අපි එය සමඟ අඛණ්ඩ සම්බන්ධීකරණයකට කැපවී සිටිමු. සුළි කුණාටුවෙන් සිදු වූ ඛේදජනක ජීවිත හානි සහ විනාශය සඳහා එක්සත් ජනපදය සිය අවංක ශෝකය ප්‍රකාශ කරයි,” යනුවෙනුයි එම කාර්‍යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ.