අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ දී අනුරාධපුර පූජා භූමි වෙත වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙන්නේ නම් වඩාත් සුදුසු බවට ඉතාම කරුණාවෙන් සැදැහැවතුන් වෙත දන්වා සිටින බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි පවසනවා.
ශ්‍රී ලංකා වාසීන්ට හෙට වැදගත් පොහොය දිනයක් වුව ද, අනුරාධපුරයෙන් බැහැරව සිටින සැදැහැවතුන් වෙනදා මෙන් පැමිණීමෙන් වැළකී, පවතින තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බවයි අනුරාධපුරයේ දී අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පල්ලේගම හේමරතන නාහිමියන් සඳහන් කළේ.
සුපුරුදු පරිදි ආගමික වතාවත් සිදු කරමින්, මෙම ව්‍යසනයෙන් විපතට පත් වූ සහ මිය ගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට හෙට (04) දිනයේ දී බලාපොරොත්තු වන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








