පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී අයවැය කාරක සභා අවස්ථා විවාදය අද දිනයේ පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.