ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලට හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව 2017 වසරේ දී ප්රදානය කර තිබුණි.
නමුත් කොන්ත්‍රාත්කරුගේ දුර්වල ප්‍රගතිය හේතුවෙන් 2019 වසරේ දී එම කොත්ත්රාත්තුව අවලංගු කිරීමට කටයුතු කර ඇත.
කොන්ත්‍රාත්තුව අවලංගු කරනු ලැබූ අවස්ථාවේ එම ගොඩනැඟිල්ලේ වහලය දක්වා ඉදිකිරීම් කටයුතු නිම කර තිබුණු බැවින්, එහි ඉතිරි ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව ත්‍රිකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ එම කටයුතු නිම කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනිමට නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.








