එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හදිසි ආධාර රැගත් තවත් ගුවන් යානා දෙකක් දිවයිනට

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගාවී තිබෙනවා.

C-17 වර්ගයේ ගුවන් යානා මගින් ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමන් මගින් මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ රැගෙන එන ලද බවයි සඳහන් වෙන්නේ.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති Khaled Nasser AlAmeri සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය Hamood Alafari විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.