ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලී විය යුතු බවත්, අයවැය තුළ යම් යම් ගැළපීම් සිදු කරමින් ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත යුතුව ඇති බවත්, නිවැරදි ප්රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව ඇති බවත් අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව, ශ්රී ලංකාව වෙනුවෙන් සිදු කර ඇති පුරෝකථනයන් සමඟ ඉදිරියට යා යුතු බවට වන දැඩි ස්ථාවරය තුළ රජය සිටින බවයි අද (03) ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව අමතමින් අගමැතිවරිය සඳහන් කළේ.
පවතින වාතාවරණයන් සහ අවස්ථාවන් වෙනස් වන විට, අපට ඊට අනුගත වීමට සිදු වී තිබෙන බවද, ඇති වී තිබෙන හා සිදු වෙමින් පවතින තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අපට යම් යම් පියවර ගැනීමට සිදු වී ඇති බව ද අගමැතිවරිය ප්රකාශ කළා.
රජයේ ඉලක්කවල වෙනසක් සිදු නොවන බවයි අග්රාමාත්ය හරිනි අමරසූරිය එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








