ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.
ඒ අනුව, ඉන්ධන සංචිත අවශ්‍ය ප්‍රමාණයට රට තුළ තිබෙන බවත්, කටකථාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.
එසේම හෙට (04) පොහොය දිනය වුව ද, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තීරණය කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








