ආපදා හානියේ තරම දළ ජාතික නිෂ්පාදිතයෙන් 3% – 5% අතර අගයක්

මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති සමස්ත හානිය ඩොලර් බිලියන 6ත් 7ත් අතර වනු ඇති බව ඇස්තමේන්තු
කෙරෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින් සඳහන් කළේ, මෙය දල ජාතික නිෂ්පාදිතයෙන්
සියයට 3ත් 5ත් අතර ප්‍රමාණයක් වන බවයි.