තහවුරු නොකරන ලද අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ඒ අනුව, එවැනි ව්‍යාජ ප්‍රචාර 57 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය හරහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අද (03) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








