අයහපත් කාලගුණයෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවක්

පසුගියදා දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින්, අද (03) පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් මෙලෙස මිය ගිය ජනතාව සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.